මාසයක කිරිකැටියා ඇඳ මත තනිකර නිවස හැර දා ගිය මවක් පොලිස් අත්අඩංගුවට

මාතර – සම්පත්

මසක් වයසැති බිළිදා නිවසේ ඇඳ මත තනිකර දමා හැරගිය මවක් ඇයගේ සැමියා කළ පැමිණිල්ලක් අනුව කොස්මෝදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව ඇය ලබන (29) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනආරච්චි මෙනවිය නියෝග කළාය.


මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ (19) හැවිරිදි වෙරළුව,යටිහොරගල, වරල්ලේ පදිංචි කන්තාවකි.

ඇය ඉකුත් (14) වන දින රාත්‍රී 1.30 ට පමණ තම මාස එක හමාරක් වන පිරිමි දරුවා නිවසේ ඇඳ මත දමා සැමියාට හොරෙන් ඇගේ මව සමග ත්‍රිරෝද රථයකින් නිවසින් බැහැරව රත්ගම ප්‍රදේශයේ මවගේ නිවසට ගොස් කල් ගෙවා ඇති බව පොලීසිය පවසයි.

රාත්‍රී කාලයේ දරුවා නොනවත්වා ඇඩීම හේතුවෙන් අසල කාමරයක සිටි සැමියා පැමිණ බලන විට කිරිකැටි දරුවා පමණක් ඇඳ මත අඩමින් සිට ඇති බව සැමියා පොලීසියට පවසා ඇත.

පසුව තම බිරිඳ වැසිකිළියට ගොස් ඇති බව සිතා සැමියා වැසිකිළියේ සහ නිවසේ වටපිටාව පරික්ෂා කළත් බිරිය නිවසේ නොසිටි හෙයින් ඒ සම්බන්ධයෙන් ඔහු කොස්මෝදර පොලිසියට පැමිණිලි කර ඇත.

පසුව සැමියා කළ දැනුම්දීමක් මත රත්ගම ප්‍රදේශයේ බිරියගේ මවගේ නිවසේ සිටි ඇය පොලීසියට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා අධිකරණයට පැමිණිල්ල ගොනු කරන ලදී.

Exit mobile version