මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඔහුගේ ධූර කාලයේදී සිංගප්පූරුවේ හා මැලේසියාවේ සංචාරය කර ඇත්තේ ජනාධිපතිවරයෙකු ලෙසින් නොව ඉඩම් තැරැව්කරුවෙකු ලෙස බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහුගේ ධූර කාලය වන 2014 -2018 අතර කාලයේදී ඔහු එකොළොස්වතාව්ක සිංගප්පූරුවට ගොස් ඇති අතර නිල සංචාර වී ඇත්තේ ඉන් තුනක් පමණකි. ඉතිරි සංචාර අටම ඔහුගේ පෞද්ගලික කාරණා සඳහා සිදු කළ සංචාර වූ අතර එම සංචාරවලට හේතු ඔහු කිසි විටෙක සඳහන් කර නැත.
කෙසේ වෙතත් ඔහුගේ සංචාර ගැන සැක සිතූ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මේ සම්බන්ධයෙන් විමසීමක් කළත් පැහැදිලි කිරීමක් කර නැත.
‘මෝල්ඩිව්ස් වොයිස්’ වාර්තාවලට අනුව යමීන්, සිය ධූර කාලයේදී ඔහුගේ සොහොයුරා වන අහමඩ් සමඟ එක්ව දූපත් කොටස් 50කට වැඩි ප්‍රමාණයක් කිසිදු අත්පත් කර ගැනීමේ ගාස්තුවක් නොමැතිව, කිසිදු ලංසු තැබීමේ ක්‍රියාවලියකින් තොරව නීතිවිරෝධී අයුරින් සමාගම්වලට ප්‍රධානය කර තිබේ.
මැලේසියාවේ හා සිංගප්පුරුවේ ආයතන කිහිපයකට මෙලෙස කොටස් විකුණා ඇති අතර අඩු අත්පත් කර ගැනීමේ මිල ගණන් හේතුවෙන් රටට සිදු වී ඇති පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 128ක් බව වත්කම් අය කර ගැනීමේ කමිටුව පවසයි.