මාර්තු වෙනකම් ඉවසන්න… මේ අගමැති පන්නා මහින්ද පැන්නූ වරද නිවැරදි කරනවා… ජනපති පොහොට්ටුවන්ට සපථ වෙයි!!

ජනපති අනාගත සැලසුම ගැන පොහොට්ටුවන්ට කියයි... මැතිවරණ දෙකක් සඳහා පක්ෂය ශක්තිමත් කරන්නැයි උපදෙස් දෙයි...

gota

ලබන මාර්තු වනතුරු ඉවසන  ලෙසත් මාර්තුවෙන් අනතුරුව මේ අගමැති සම්බන්ධව තීන්දුවක් ගෙන මහින්ද ඉවත්කළ වරද නිවැරදි කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට සපථ වී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ලබන මාර්තු මාසයට පෙර පොදුජන පෙරමුණේ අගමැතිකෙනෙක් සිටින ආණ්ඩුවක් යටතේ පළාත් පාලන මැතිවරණය කිරීමට ඉඩ සලසා දෙන ලෙස පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පසුගිය දා ඉල්ලීමක් කර ඇත.

පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කරන ලද එම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් පිළිගනිමින් ලඟ ලඟම ඡන්ද දෙකකට සූදානම් වන ලෙස ඔවුන්ට  දැනුම් දී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තමන්ට ලබන මාර්තු මාසයේ සිට ඕනෑම අවස්ථාවක තිබෙන බවත් එතෙක් කලබල නොවී පොදු ජන පෙරමුණ ශක්තිමත් කිරීමට කැප වීමෙන් ක්‍රියා කළ යුතු බවත්   ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට  උපදෙස් දී තිබේ.

මේ රටේ හැට නව ලක්ෂයක ජන වරමක් ලබාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්  ද ඇතිව  සිටින පොදු ජන පෙරමුණ  තමන්ගේ අගමැතිවරයෙක් පත් කර නොගෙන වෙනත් පක්ෂය අගමැති කෙනෙක් පත් කරගෙන සිටීම ගැන ලජ්ජා විය යුතු බව එම මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවේ පවසා ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්ත්‍රීවරුන් කරන ලද එම ඉල්ලීම තමන් එක හෙළාම පිළිගන්න බවත් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් මෙහිදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ලබන මාර්තු වලින් පසු මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂා ඉටු වනු ඇති බවත් එතෙක් ඉවසීමෙන් කටයුතු කරමින් එළඹෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණ කිරීමට හැකිවන සේ පොදුජන පෙරමුණ ග්‍රාමීය මට්ටමේ සිට ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

 

Exit mobile version