මාරක පැය 24… පැය 24කට පෙර ලොව වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා වෙයි….

මීට පැය 24කට පෙර ලෝකයේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් අසාදිතයන් හා කොවිඩ් මරණ වර්තා වුණේය.

ඊයේ දිනයේ පමණක් ලොව පුරා වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අට ලක්ෂ අසූ අට දහස් හාරසිය හතලිස් හතරකි.  වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉන්දියාවෙනි . ඒ සංඛ්‍යාව ලක්ෂ 03කට අධිකය. බ්‍රසීළයෙන් ආසාදිතයන් 71,910 ක් සහ අමෙරිකාවෙන් ආසාදිතයින් 65,000 ක් ඊයේ වාර්තා විය. මීට අමතරව තුර්කිය, ප්‍රංශය, ජර්මනිය, ඉරානය සහ ඉතාලිය යන රටවලින් ද සැලකිය යුතු ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලොව පුරා එක් දිනක් තුළ වාර්තා වූ සමස්ථ මරණ සංඛ්‍යාවේ වැඩිම  අගය වාර්තා වන්නේ ඊයේ (22) ය. සමස්ථ මරණ සංඛ්‍යාව 14 089කි. මරණ වැඩිම සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා විය. එම මරණ සංඛ්‍යාව  3,157 කි. ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ 2000 කට අධිකය.


 

 

Exit mobile version