මාරක ඉන්දියානු ප්‍රභේදය සොයාගන්නා විට නියැදි හිමි පුද්ගලයන් කොවිඩ් සුව වී නිවෙස්වල….

Aramaya-Place

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමටගොඩ ආරාම පෙදෙසේ මාරක ඉන්දියානු ප්‍රභේදය ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයින්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ ගිය මස 05 වැනිදා බවත්, ඔවුන්ට ආසාදනය වී ඇත්තේ කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය බව තහවුරු කරගන්නා විට ඔවුන් ප්‍රතිකාර ලබා සුව වී නිවෙස්වලට පැමිණ සිටි බවත් වාර්තා වේ.

මොවුන්ගෙන් විශාල වශයෙන් සමාජයට මෙම ප්‍රභේදය පැතිරී යෑමේ අවකාශය එම වකවානුව තුළ විවර වී ඇති බව දැන් සෞඛ්‍ය අංශ වෙත තහවුරු වී තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමක දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ මෙම ආසාදිත පුද්ගලයින්ගෙන් ලබාගන්නා නියැදි දිනපතා එකතු කරන නමුත් ඒවා ජාන පරික්ෂාවන්ට ලක්කරනුයේ මසකට එක්වරක් පමණක් බවය.

මේ සොයාගැනීමත් සමග දෙමටගොඩ ආශ්‍රිත ප්‍රදේශවල සහ කොළඹ අවට ප්‍රදේශයන්ගේ ජාන විශ්ලේෂණ පරික්ෂණයන් වැඩි කිරීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කරයි.

Exit mobile version