මානව හිමිකම් බාල්දු වී ඇති පාකිස්තානයට යුරෝපා වෙළෙඳ පොළ වහන්නැයි ඉල්ලීමක්!

මේවන විට පාකිස්තානය තුල පවතින මානව හිමකම් තත්ත්වය පහළ ඇති බවත් ඒ අනුව දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඉහළයාමත් පවතින බවත් සඳහන් කරමින් යුරෝපා සංගමය පාකිස්තානය සමඟ පවත්වා වෙළෙඳ ප්‍රතිපත්ති යලිත් සමාලෝචනය කළයුතු බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

මායිම් රහිත මානව හිමිකම් සංවිධානය විසින් ඉකුත් දා බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති සම්මන්ත්‍රණයකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

මෙම සම්මන්ත්‍රනයේ ආරම්භක දේශණය කරමින් මායිම් රහිත මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ විලී ෆවුට්රේ සඳහන් කර සිටියේ පාකිස්තානය තුල කාන්තාවන්ට සහ ගැහුණු ළමුන්ට පසුගිය කාලය පුරාවටම දැඩි අඩත්තේට්ටම් වලට මුහුණ දීමට සිදු වූ බවත් එහිදී ඔවුන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය වූ බවත්ය.
ඔහු එම තත්ත්වය විස්තර කළේ යුරෝපා සංගමය සහ පජාත්‍යන්තර ප්‍රජාව විසින් කඩනමින් පියවරක් ගැනීමට අවශ්‍ය ඉතා භයානක තත්වයක් ලෙසි.

විශේෂයෙන්ම රැකියා අවස්ථා සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන් රට තුළ තවමත් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකනු ලැබේන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.


එමෙන්ම පාකිස්තානයේ සාක්ෂරතා අනුපතය සලකා බැලීමේදී පිරිමි අතර එම අගය සියයට 69ක් වුවද කාන්තාවන් අතර සියයට 45ක් වැනි අතිශය පහල අගයක පවතින බවද ඔහු සම්මන්ත්‍රණයේදී පෙන්වා දුන්නේය.
ඒ අනුව පාකිස්තානය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්කරගත් දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් පවතින බවද හෙතෙම පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කරුණු සලකා බැලීමේදී පාකිස්තානයේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමට බල කිරීම සඳහා ඔවුන්ට යුරෝපා වෙළෙඳ පොලට ලබා දෙන විශේෂ ප්‍රවේශයන් යම් ආකාරයකින් සීමා කිරීම වඩාත් උචිත සහ කාලින පිලියම බවද සමන්ත්‍රණයේදී අදහස් දැක්වූවන් අවධාරණය කළහ.

Exit mobile version