මානව හිමිකම් කොමිසම මගේ නිලධාරින්ට තර්ජනය කර ලිපි දෙකකට අත්සන් අරන්… මානව හිමිකම් කොමිසමට එරෙහිව ක්‍රියා කරනවා… ඇමති කාංචන කියයි!

Kanchana-W

පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති රැස්වීමකට සහභාගී වූ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් එකඟ නොවූ ලිපි ලේඛන දෙකකට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බලපෑම් කර අත්සන් ලබා ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

මේ සිද්ධිය සම්බන්ධව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන්ව දැනුම්වත් කළ බව පවසන අමාත්‍යවරයා අද (27) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් මෙසේ නිලධාරීන්ට බලපෑම් කළ කර ඇති බවත්, ඔවුන්ට සිර දඬුවම් දෙන බවට තර්ජනය කර අදාල ලිපි ලේඛන දෙකකට අත්සන් කරගෙන ඇති බවත්ය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් දැනටමත් නීතිමය අදහස් ලබාගෙන ඇති බවත්, සිදුවූ සිදුවීම් පිළිබඳව ලිඛිතව ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍ය කාංචන විජේසේකර එම ට්විටර් පණිවුඩයේ දක්වා ඇත.

මෙම තත්ත්වය ඊයේ (26) ජනාධිපතිවරයාට දන්වා සිටි බවත්, එය ලිඛිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද දැනුම් දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version