මාධ්‍යවේදිනී නිමන්ති රණසිංහගේ ගමන හරස් කොට අත්බෑගය කොල්ලකෑම පිළිබඳව විමර්ශන ඇරඹෙයි.
කොටිකාවත්ත ප්‍රදේශයේදී මහාමාර්ගයේ ගමන් කරමින් සිටි මාධ්‍යවේදී නිමන්ති රණසිංහ මහත්මියට අයුතු අවහිර සිදුකිරීම හා ඇයගේ අත් බෑගය කොල්ලකෑම හා පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව වැල්ලම්පිටිය පොලිසිය ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කරුණු වාර්තා කළේය.
පසුගිය පස්වන (05) දින මාධ්‍යවේදී නිමන්ති රණසිංහ මහත්මිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව අයුතු අවහිර කිරීම, කොල්ලකෑමට තැත් කිරීම වැනි වරද සිදුකිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය 32 සමග කියවිය යුතු 381, 332 යන චෝදනා යටතේ විමර්ශනය සිදු කරන බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණය හමුවේ පැවසීය