මාතලේ බෞද්ධ විද්‍යාලයේ පාර වැසුවාට එරෙහිව ගුරුදෙගුරු උද්ඝෝෂණයක්

මහේෂ් කිර්තිරත්න

මාතලේ එම්සි පාර ප්‍රදේශයේ පිහිටි සිංහල බෞද්ධ විද්‍යාලයේ ප්‍රවේශ මාර්ගය වසාදැමිමට එරෙහිව එම විද්‍යාලයේ දෙමාපියන් ගුරු භවතුන් ඇතුලු පිරිසක් අද (03)දා සත්‍යග්‍රහයක නිරත විය.

දෙමාපියන් පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකුගේ අත්තනෝමතික ක්‍රියාවලියක් සිදුවන බවක් දරුවන් විශාල මෙම පාසල තුළින් අධ්‍යෘපනය ලබන බව් සිංහල බෞද්ධ සිසු දරුදැරියන්ට විශාල අසාධාරණයක් සිදුවන බවත් එක් පුද්ගලයකු විසින්‍ පෞද්ගලිකව සිදුකරන මෙම ක්‍රියාව නිසා මාතලේ ප්‍ර‍දේශයේ සිටින සිංහල බෞද්ධ ජනතාව විශාල අපහසුතාවයට පත්ව සිටින බවත් මේ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතු බවද දෙමාපියන් පැවසීය.


මාතලේ දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ කාර්යාලය සදහා මෙම විද්‍යාලය අසළ කොටසක් වෙන් කර ඇති අතර එම කොටසෙහි ඉදිකිරිම් කිසිවක් සිදු කර නොමැති හෙයින් එම කොටස බෞද්ධ විද්‍යාලයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබා නොදිම නිසා දෙපාර්ශවය අතර ගැටුම් රාශියක් ඇතිවු අතර එය මේ වනතෙක් විසදිම සදහා කිසිවකු ඉදිරිපත් වි නොමති බවද දෙමාපියන් පැවසිය.

මෙම විද්‍යාලය ඇතුලු විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශිය කාර්යාල ඇතුලු ස්ථාන කිහිපයකට මෙම තහනම් කිරීම සිදුකර ඇති බවද ‍උද්ඝෝෂණයෙහි නිරත පිරිස පැවසුහ.

මේ පිළිබදව අදහස් විමසීම සදහා මා‍තලේ ප්‍රාදේශියය ලේකම්වරිය ඇමතිම සදහා උත්සහ දැරුවත් ඒ සියල්ල ව්‍යාවර්ථ විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡායාරුප –
දෙමාපියන් උද්ඝෝෂණයෙහි නිරත වී සිටි අයුරු.

Exit mobile version