මාතර වෙරලේ දී ගිනි තබාගත් නාඳුනන පුද්ගලයා ජීවිතක්ෂයට

මාතර සම්පත් –

මාතර.වෙරළ උද්‍යනයේදී ඊයේ (11) සවස 3ට පමණ තම සිරුරට ගිනි තබාගත් පුද්ගලයා රෝහලට රැගෙන යනවිටත් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. ඔහු ගිනි තබාගැනීමෙන් පසු  විලාප දෙමින්  මුහුදට පැන දිවි බේරා ගැනීමට මහත් වෙහෙසක් දරා තිබිණි.

ගිනි ඇවිලෙමින් සිටි සිරුර සමඟ මුහුදට පැන්න පුද්ගලයා රැළ පහරට ⁣වෙරළට ගසා   ගෙන වෙරලේ රැදී සිටින ආකාරය අසල සිටි පුද්ගලයෙක්  ජංගම දුරකතනයක් මගින් වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරද්දී පැය භාගයකට අධික කාලයක් මේ පුද්ගලයා වෙරළේ ජීවිතය සමග පොර බදමින් සිට ඇත. කිසිවෙක් ඔහුව රෝහලට ඇතුළත් කිරීමට ඉදිරිපත් වී  නැත.

පැය භාගයක   පමණ කාළයක් වෙරලේ රළ පහර වැදිමින් සිටි මේ තැනැත්තා 1990 ගිලන් රථයක් මගින් මාතර මහ රෝහලට රැගෙන යනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


මෙලෙස ගිනි තබාගෙන මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනා ගෙන නොමැති බව මාතර පොලීසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැඩි ලෙස පිලිස්සුණු එම සිරුර දැනට මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

 

 

 

Exit mobile version