මාතර නගරසභා නිලධාරීන්ට විරෝධය පා පුද්ගලයෙක් ලයිට් කණුවකට නැගී ගිනි තබාගන්න හදලා…

නිවසට යන පාර නිසි ලෙස නිරවුල් කර දෙන්නයි ඉල්ලමින් අද (14)  මාතර මහ නගර සභාව ඉදිරිපිට ඇති විදුලි කණුවකට නැගී ගිනි තබාගැනීමට උත්සාහ කළ දෙදෙරු පියෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට මාතර පොලිසිය සහ නගර සභා  නිලධාරින් පියවර ගත්හ.

මාතර මහ නගර සභාවේ නිලධාරීන් විවිධ හේතු පෙන්නමින් තමන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දීමට කටයුතු නොකළ බව පවසන මෙම විරෝධතාකරු අද උදෑසන තැවත වරක් නගර සභාව වෙත ගැටලුව ඉදිර්පත් කර විසඳුම් නොලැබීම නිසා  මාතර මහ නගර සභාව ඉදිරිපස ගාලු-මාතර ප්‍රධාන මාර්ගයේ වීථි ලාම්පු කණුවක් මත නැගී  විරෝධතාවක් සිදු කර ගිනි තබා ගැනීමට උත්සාහ කළේය. අනතුරුව මාතර මහ නගර සභාවේ දොඹකරයක්  භාවිතයෙන් විරෝධතාකරු විදුලි කණුවෙන් පහළට ගෙන තිබේ. පසුව එම විරෝධතාකරුගේ එම විරෝධය නිසා ප්‍රධාන මාර්ගය අවහිරවීම දිවි හානිකරගැනීමට උත්සාහ කිරීම ඇතුලු චෝදනා රැසකට   මාතර පොලිස් අත්තඩංගුවට පත්විය.

මෙම පුද්ගලයා මාතර පොල්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම විරෝධතාකරුගේ විරෝධය ගැන ⁣බොහෝ දෙනෙකු අදහස් දක්වමින් කීවේ  මාතර මහ නගර සභාවේ සේවකයන්ගේ,  විශේෂයෙන් කාර්මික නිලධාරීන්ගේ අත්තනෝමතික හේතු නිසා නාගරික බල සීමාවේ වෙසෙන ජනතාව මහත් පීඩාවට පත් වී ඇති බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉඩම් අනුබෙදුම් වගේම ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමට මාතර මහ නගර සභාවට ඉදිරිපත් කළ විට විවිධ හේතු දක්වමින් එම සැලසුම් සහිත අයදුම් පත් ප්‍රතික්ෂේප කරන අතර අධික මුදලක් ඔවුන්ට ලබා දී ගොඩනැගිලි සැලසුම් ඇඳ ගන්නා ලෙස ජනතාවට අනියම් බලපෑමකට ලක් කරන බවද ඔවුහු පැවසූහ.

Exit mobile version