මාතර අධීකරණය පුද්ගලයින් හය දෙනෙකුට ලබා දුන් මරණ දඬුවම…

suicide

සම්පත් දෙණිපිටියගේ –

පුරා වසර 22කින් පසු පංච පුද්ගල ඝාතන නඩුවකට වරදකරු වූ පුද්ගලයින් හය දෙනෙකුට අද මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකොන් විසින් මරණ දඬුවම නියම කළේය.

වර්ෂ  2000    නොවැම්බර් මස 14 වන දින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ඉදිරිපිට දී පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව  මාතර මහාධිකරණයේ නඩු අංක HC 133/2010 යටතේ ගොනුවී තිබූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා  වරදකරුවන් හය දෙනාට මරණීය දණ්ඩනය නියම කළේය. .

මෙහිදී සැකකරුවන් පහළොස් දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබිණි.   නඩු භාගය   අතර  සැකකරුවන්  හතර දෙනකු මියගොස් ඇති අතර අනෙක් පස් දෙනා මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් ලැබුවේය.

ඒ අනුව අද (30) දින නඩු තීන්දුවෙන් මරණ දඬුවමට නියම වූයේ දෙවිනුවර ගල්ගනේ සමගි මාවතේ පදිංචි පුද්ගලයන් ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තාරාතොට හේවගේ කමිල් අජිත් කුමාර, මද්දුම පටබැඳිගේ සුමිත් කුමාර, සෞනද්‍ය හැන්නදිගේ චමින්ද, අබේරත්න මාගම්පත්තුව මහා විදානගේ නාමල්, අබේරත්න වීරසේකර පටබැඳිගේ රොෂාන් දිල්රුක්ෂ, අබේරත්න වීරසේකර පටබැඳිගේ නිසාන්ත නොහොත් චාමි යන පුද්ගලයන් හය දෙනාට මෙසේ මරණ දණ්ඩනය නියම විය.

Exit mobile version