මහ වැසි මැද ලැව් ගිනි…. රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක්…

අද අලුයම රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක් ඇති වී තිබේ.  මේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ දීත්  අද උදේ වනවිට ගින්න අක්කර 20ක ප්‍රදේශයක් පුරා පැතිරී ගොස් ඇතැයි වාර්තා වේ.

අලුයම 1ට පමණ මෙම ගින්න ඇති වී තිබෙන්නේ  උඩදුම්බර පොලිස් වසමේ මහනුවර-මහියංගණ මාර්ගයේ 48 වන කිලෝමිටර් කණුව අසල කන්දෙය.

ප්‍රදේශයේ ජනතාව ගින්න සම්බන්ධව  පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලිසිය මැදිහත් වී එය පාලනය කිරීමට කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව වාර්තා වේ.  මේ වන තෙක් එය පාලනය කටයුතුකර නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින වැසි සහිත තත්ත්වය තුළ ගින්න පාලනය වනු ඇතැයි විශ්වාස කෙරේ.


Exit mobile version