මහ වැස්සට පින්නදූව අධිවේගී පිවිසුම අසල උමං මාර්ග 03ක් ජලයෙන් යටවෙයි…

ලලිත් චාමින්ද –

අද (06) පස්වරුවේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග  අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදූව අතර කොටසේ අධිවේගී මාර්ගයට පහතින් දිවෙන උමං මාර්ග තුනක් ජලයෙන් යට විය.

මෙසේ  ජලයෙන්  යට වූයේ අධිවේගී මාර්ගයේ අනු නව වැනි   කිලෝමීටරයේ  සහ සියවැනි කිලෝමීටරයේ පිහිටි අධිවේගී මාර්ගයට පහතින් සාමාන්‍ය ජනතාවට ගමන් කිරීමට සකස් කොට තිබූ උමං මාර්ග තුනකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිවේගී මාර්ගයේ දෙපස ජල මාර්ග වල නිසි පරිදි ජලය බැස නොයා ම හේතුවෙන් මෙසේ මෙම උමං මාර්ග ජලයෙන්  යට වන බව ප්‍රදේශවාසීන් පවසති .

Exit mobile version