මහ බැංකුව ස්වාධීන කරන අලුත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මූල්‍ය සහ පරිපාලනමය ස්වාධීනත්වයක් මහ බැංකුවට ලබා දීමේ අරමුනින්ල කෙටුම්බාපත් කරන ලද  ශ්‍රී ලංකා මහබැංකුව පනත් කෙටුම්පත පළමුවර කියැවීම සදහා, සභානායක අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‍කරන ලදී.

මූල්‍ය සහ පරිපාලනමය ස්වාධීනත්වයක් ලබා දීම  පිණිස ශ්‍රී ලංකා මහබැංකුව පිහිටුවීම, මහබැංකුව දැනට පිහිටුවා තිබෙන මුදල් නීති පනත ඉවත් කිරීම ඇතුළු අනුෂංගික කාරණා සදහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.

නව පනත් කෙටුම්පත අනුව ශ්‍රී ලංකා මහ බැංකුවෙ ස්වාධීනත්වයට සැම විවිටම ගරු කරනු ලැබිය යුතු අතර කවර හෝ තැනැත්තෙකු විසින් මහ බැංකුවේ අධිපතිවරයාට හෝ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ට හෝ මහ බැංකුවේ සේවා නියුක්තයන්ට ඔවුන්ගේ බලතල කාර්යය සහ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේදී කවර හෝ බලපෑමක් කිරීම හෝ මහ බැංකුවේ කටයුතුවලට බාධා කිරීම හෝ නොකළ යුතුය.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එ‍සේම දේශීය මිල ස්ථායිතාව අත්කර ගැනීම සහ පවත්වාගෙන යාමත් මූල්‍ය පද්ධති ස්ථායිතාවය සුරක්ෂිත කිරීම  මහබැංකුවේ ප්‍රධාන අරමුණ විය යුතු බවටත් පනත් කෙටුම්පතේ සදහන් කොට තිබේ.ඊට අමතරව මහ බැංකුවේ කටයුතුවල  පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය නොවන මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ වගකීම පැවරුණු ‘පාලක මණ්ඩලයක්’ පිහිටුවීම සිදුකෙරේ. එහි සභාපතිවරයා මහ බැංකුවේ අධිපතිවරයා විය යුතු අතර විශේෂඥ දැනුමක් ඇති සාමාජිකයන් හය දෙනෙකු ඊට පත් කරනු ඇත.

Exit mobile version