මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන ගැන හොයන අංශය මුල ඉඳන් හදන්න යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යූහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

රජය මෙම පියවර ගෙන ඇත්තේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සමාගම පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයකට අනුව යි.


කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ  මාධ්‍ය හමුවේ දී පැවසුවේ මහ බැංකුවේ මෙම බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ද යම් යම් අක්‍රමිකතා සිදු වී ඇති බවට හෙළි වී තිබීම නිසා මෙම අවශ්‍යතාව පිළිබඳ අදාළ කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන්  සිදුවූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා විමර්ශනය කිරීම පරික්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලදී.

එම කොමිෂන් සභාවේ නිර්දේශ සහ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව පසුගිය 6 වැනිදා ජනාධිපතිවරයා වෙත භාරදී ඇත.

එහිදී එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ලිමිටඩ් අක්‍රමිකතා පිළිබඳ මෙන්ම හෙළිවූ අනෙක් කරුණ වී ඇත්තේ මූල්‍ය සමාගම් අධික්ෂණය හා නියාමනය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය දැඩිව අවශ්‍ය වී ඇති බවයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිර්දේශයට අනුව ඉදිරියේ දී නව ආයතනික ව්‍යූහයක් බැංකු නොවන මූල්‍ය සමාගම් නියාමනය වෙනුවෙන් සකස් කිරීමට නියමිතය.

 

Exit mobile version