මහීපාල හේරත්ගේ ගොවිපල ගබඩාවක යූරියා මිටි 400ක්… ජොන්ස්ටන්ගේ ගෙදර ගෑස් ටැංකි 80ක්….

ජොන්සටන්, කුරුණෑගල නගර සභා සභාපති, ප්‍රාදේශීය සභා සභාපති ලඟ තිබුණු ගෑස් ටැංකි එකතුව 140ක්...

මහීපාල හේරත්ගේ ගොවිපල ගබඩාවලට අන්තිමට සිදුවූ දේ...

මනම්පිටිය නිමල් ජයරත්න –

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් දිඹුලාගල බඳනානාගල පිහිටි ගොවිපල ගබඩාවකින්  යූරියා මිටි 400ක් සහ රසායනික පොහොර තොගයක් සොයා ගැනීමට එම ගොවිපලට කඩා වැදුනු පිරිසකට ඊයේ (10) සවස හැකි වී තිබේ.

රජය රසායනික පොහොර භාවිතය වළක්වා යූරියා වෙනුවට නැනෝ පොහොර හෝ නයිට්‍රිජන් ආදේශක ලබා දී කලාපයේම ගොවිතැන පාලු කරද්දී මෙම දේශපාලකයින් යූරියා ඇතුළු රසායනික පොහොර තොග ගබඩා කරගෙන වගා කළ ආකාරය සම්බන්ධව ගොවීහු දැඩි වේදනාවෙන් රටට හෙළිකරමින් සිටිති.

යූරියාවලට අමතරව තවත් රසායනික පොහොර තොග මෙම ගබඩාවේ තිබී හමුවී ඇත. ඒ දැකීමත් සමග කෝපයට පත් ගොවි පිරිස් යූරියා තොග තමන් සතු කරගෙන ගොවිලේ ගබඩාවලට ගිනි තබා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම  ප්‍රකෝප වූ පිරිස් කඩා වැදුනු ජොන්සටන් ප්‍රනාන්දුගේ නිවසේ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් ටැංකි 80ක් තිබී හමුවී ඇත. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ නිවසේත්, කුරුණැගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්තගේ නිවසේත් පමණක් ගෑස් ටැංකි 140ක් ප්‍රකෝප වූ පරිස් අතට පත් වී තිබේ.


Exit mobile version