මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පත්කළ සීමා නිර්ණ කමිටුවට කිසිම නෛතික වලංගුභාවයක් නෑ… ජී.එල් කියයි!

GL

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුතුව අගමැතිවරයා විසින් පත් කරන ලද සීමා නිර්ණ කමිටුව කිසිම නීතිමය වලංගු භාවයක් නැති අනීතික කොමිසමක් බව මහාචාර්ය ජී.එල් පීරිස් අද (19) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

ඔහු පැවසුවේ මේ සම්බන්ධව නෛතික තත්ත්වය සම්බන්ධව කළ ගැඹුර හැදැරීමක දී තහවුරු වූයේ  එවැනි කොමිසමක් පත් කිරීම සඳහා  බලයක් අගමැතිවයාට නොමැති බවය.

මහාචාර්ය ජී.එල් පීරීස් මෙසේ ද කීවේය.

ගරු අගමැති තුමා විෂය භාර ඇමතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහත්මාගේ සභාපතිත්වයෙන් සීමා නිර්ණ කොමිෂන් සභාවක් පත් කරලා තියනවා.


මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයින් කීප දෙනෙක් සමග සාකච්ඡා කළා. කාරණය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළා.

අපි සෑහීමකට පත් වෙනවා අපේ ස්ථාවරය ගැන. අගමැතිතුමාට එවැනි කොමිසමක් පත් කිරීමට නීත්‍යානුකූළ බලයක් නෑ.

සීමා නිර්ණ කමිටුවක් දැනටම පත් කරලා තියනවා. එතුමාට පත් කරන්න පුලුවන් සීමා නිර්ණ කමිටුවක් නොවෙයි. සමාලෝචන කමිටුවක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පත් කළ සීමා නිර්ණ කමිටුව නීත්‍යානුකූල කමිටුවක් නොවෙයි. එම කමිටුවට නීත්‍යානුකූළ වලංගුභාවයක් නෑ. එය තමයි අපේ මතය.

Exit mobile version