හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

Mahinda | Deshabhandu

සිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාර කරන ලෙස කරන ලද අධිකරණ නියෝගය නොතකමින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකු මෙතෙක් විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමට කටයුතු කර නොමැති බව බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයා විසින් මේ දැනුම් දීම කරන ලද්දේ අද කොලම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු පසුගිය මැයි 09 වැනිදා ගාලු මුවදොර සාමකාමී උද්ගෝසනයට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය විභාගයට ගැනුණු අවස්ථාවේදී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මෙම කරුණු අනාවරණය කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු කිහිප දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර මෙතෙක් අධිකරණයට භාරදීමට අපොහොසත් වී ඇති බවය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සිය නිවසේ තිබියදී විනාශ වී ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

කෙසේ වෙතත් විත්තිතාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සැමියා වන කංචන ජයරත්න සිය විදේශ ගමන් බලපත්‍ර භාරදී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණ හමුවේ සඳහන් කළාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සෙකුලරත්න, සරත් ජයමාන්න ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන මහත්වරු මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපක්ෂපාතී පරීක්ෂණයක් නොපැවැත්වීම පිළිබඳව සිය කණස්සල්ල පළ කළහ.

Exit mobile version