මහින්ද ගෙන්වූ කුඩා පොහොට්ටුවන් “මහින්ද ඕන -ජනපති එපා “ කියමින් ගෝල්ෆේස් මැදින් ජනපති මන්දිරයට ?

අගමැති හිතවතුන්ගේ සැලසුම් නිසා ගැටුමක් ඇතිවීමේ ඉඩකඩ නැති කරන්නට ආරක්ෂක අංශ සටනක...

රට වටින් පොහොට්ටු සාමාජිකයින් ගෙන්වූ බස් රථ....

අග්‍රාමාත්‍යවරයා අද ඉල්ලා අස්වන බවත් එම ඉල්ලා අස්වීම  ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අරලියගහ මන්දිරය අසලට බස් දෙසීයකට වැඩි ප්‍රමාණයකින් ගෙන්වනු ලැබූ පොහොට්ටුවේ ප්‍රාදේශීය නියෝජිතයින් ලවා විශාල උද්ඝෝෂණ පෙළපාලියක් සංවිධානය කිරීමට අග්‍රාමාත්‍ය පුද්ගලික කාර්ය මණ්ඩලය සැලසුම් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

අගමැති මහින්ද ඉවත් නොකරන ලෙස කියමින් සංවිධානය කර ඇති මෙම උද්ඝෝෂණය ගොල්ෆේස් විරෝධතා භූමිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන බව එම ආරංචි මාර්ග කියයි.

මෙම උද්ඝෝෂකයින් ගෝල්ෆේස් භූමිය හරහා ගොස් ජනාධිපති මන්දිරය වටලා ගෝඨාභය රාජපක්ෂට ඉවත් වන ලෙසත්, අගමැතිවරයා සිටිය යුතු බවත් පවසමින් උද්ඝෝෂණය කිරීමට නියමිතව ඇත.

මේ වනවිට අන්තර්විශ්වවිද්‍යාලයයී ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ද උද්ඝෝෂණ පා ගමනකින් ගොල්ෆේස් භූමිය වෙත පැමිණීමට සැලසුම් කර ඇති බැවින් මහින්ද රටවටින් ගෙන්වූ පොහොට්ටු සාමාජිකයන් ලවා සිදුකිරීමට යන උද්ඝෝෂණ පා ගමන ගෝල්ෆේස් මගහැර ගමන් කරවීමට හැකි සැලසුම් යෙදීම මේ වනවිට ආරක්ෂක අංශ උත්සාහ කරමින් සිටී.


කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කුඩා පොහොට්ටුවන්“ යොදාගෙන අද අරගල භූමියට ප්‍රහාරයක්?.

Exit mobile version