මහින්දානන්දටත් මොළ හතයි…. ආහාර හිඟවුනොත් සිංගප්පූරුව කරන සේ රටින් ගෙන්වන බව කියයි!

“ඩුබායිවලත් සිංගප්පූරුවෙත් හාල් ඇටයක් හදන්නෙ නෑ... ඒ රටවල මිනිස්සු බඩගින්නෙ මැරෙනව ද?“- මහින්දානන්ද

හාල් ඇටයක් නිශ්පාදනය නොකරන ඩුබායි රාජ්‍යයේ හෝ සිංගප්පූරුවේ කිසිවෙක් බඩගින්නේ නොමැරෙන බවත් අස්වැන්න අඩු වුවහොත් ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වා දෙන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු කියන්නේ ආහාර හිඟයක් ඇතිවෙන බව කියමින් බිල්ලන් මවන බවය. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කී ලෙස තමන් ෆේල් නැති බවත් ඇමති මහින්දානන්ද කීවේය.

ඔහු මේ කතා කීවේ ෆොස්පේට් සමාගමට වසර 20ක් පිරීම නිමිත්තෙන්  අද පැවති උත්සවයක දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමිනි.


ඔහු කී කතාව මෙසේය.

“ආහාර හිඟයක් ඇතිවෙනවා කියනවා. රටේ ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරනවා බොහෝ දෙනෙක්.  දැන් ඩුබායිවල  ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළොත් මොනවද කියන්නේ. එක හාල් ඇටයක් නිශ්පාදනය කරනවද ඩුබායිවල.“

“සිංප්පූරුවේ… එතකොට සිංගප්පූරුවෙ මිනිස්සු බඩගින්නෙ ඉන්නව ද? ඩුබායිවල  මිනිස්සු බඩගින්නෙ ඉන්නව ද?.“

“ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියනවා නම් අපි දැනුත් ගේනවා පිටරටින් ආහාර වර්ග. අපි අඩුපාඩු ටික ගේන එකයි තියෙන්නෙ. “

“ඒ නිසා නිකම් ගෝනිබිල්ලො මවනවා මේ රටේ. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෆොස්පේට් සමාගම රට තුළ පොහොර මාෆියාවක් හැදූ බවත්, පොහොර මිල පාලනය  කරගැනීමට නොහැකි වූ බවත් කියමින් ෆොස්පේට් සමාගමට චෝදනා කළ ඇමතිවරයා මිලියන තුන්දහස් අටසීයක් පාඩු ලැබූ ආයතන මිලියන 825ක් ලාභ ලබන ආයතන බවට අවුරුද්දක් තුළ පරිවර්තනය කළ තමන් ෆේල් බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කියන බව පැවසීය

Exit mobile version