මහාභාරකාරතැන ගේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කළ වතක්ම් අවභාවිතා කළ හැටි විගණනයේ දී හෙළි වේ…

last-will-and-testament

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහාභාරකාරතැන භාරයේ වු ආරක්ෂිත සේප්පුවේහි තැන්පත්කර ඇති අන්තිම කැමති පත්‍ර 254ක් විවෘත කිරීම සම්බන්ධ නිතිමය කටයුතු සඳහා ඩි.එස්.ඩබ්ලිව් සමරකොන් බුදලයෙන් 2018 වර්ෂයේ දි රුපියල් 2,629,250ක් උපයෝජනය කර තිබීම හේතුවෙන් එම බුදලයේ වත්කම් අවභාවිතාවක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම මුදල් සමරකොන් බුදලය නමින් ලැබිය යුතු මුදලක් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම එන්.ඩි.ඒ සිල්වා විජේසිංහ බුදලයේ හර ශේෂයක් පැවතියද 2017 වර්ෂයේ දි රුපියල් 272,475ක්ද, 2018 වර්ෂයේ දි රුපියල් 1,181,500ක නිති වියදමක් දරා තිබුණි. මෙය කවර බුදලයකට ගෙවිය යුතු වියදමක් ද යන්න සටහන්කර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ශ්‍රිමා ඉන්ද්‍රාණිද සොයිසා බුදලයෙහි 2017 හා 2018 වර්ෂවල දී හර ශේෂයක් පැවතියද නිතිඥ ගාස්තු ලෙස පිළිවෙළින් රුපියල් 73,220ක් හා 81,750ක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම අධිකරණ කටයුතු සඳහා සම්බන්ධවන නිතිඥවරුන්ගේ පැවරුම් පිළිබඳ ලිඛිත එකඟතාවයන් නොවු අතර නිතිඥ ගාස්තු ගෙවිමේ දි කලින් තිරණය කරණු ලැබු ගාස්තුවක් හෝ ගාස්තු පරාසයක් තුළ ගෙවිම්කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම ගෙවීම් මහාභාරකාර තැනගේ අභිමතය පරදි සිදුකර තිබුණි. අධිකරණ කටයුතු සඳහා වියදම් දැරීම වෙනුවෙන් බුදලයේ වත්කම් උපයෝගිකරගනු ලබන අතර ඇතැම් ඇස්තමේන්තු නඩු කටයුතු සඳහා බුදලයේ වත්කම් භාවිතා කිරිමට බලතල නොමැති අවස්ථාවලදි සහ ඇතැම් බුදල්වල හර ශේෂ පවතින අවස්ථාවල දි වෙනත් බුදල්වලින් වියදම් දැරීම සිදුකරනු ලබන බව නිරික්ෂණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම මහාභාරකාර දෙපාර්තමේන්තුවේ තැන්පත්කොට ඇති අන්තිම කැමති පත්‍රවලට අදාල තෙස්තමෙන්තු නඩු හා බුදල් නෛතික ගැටලු නිරාකරණය කරගැනිමට නිතිඥ මණ්ඩලයක් ස්ථාපිත කර එමගින් සිදුකෙරේ. එහෙත් එක් එක් අවස්ථාවල එක් එක් නිතිඥවරුන් පත්කරගනිමින් කටයුතු කරතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව ගාස්තුවල විෂමතාවයන් හා ඒ ඒ සිද්ධිය සම්බන්ධයෙන් අදාල නිතිඥවරු දක්වන උනන්දුව වැනි කරුණු හේතුවෙන් එම ගැටලු සම්බන්ධයෙන් ලැබෙන තිරණවලට එය බලපැමක් වී තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
ජාතික විගණන කාර්යාලය මගින් මහාභාරකාර තැනවෙත පවරා ඇති බුදල් දේපළ කළමණාකාරණය සම්බන්දව සිදුකළ විගණනයේ දි මෙම කරුණු අනාවරණය වි ඇත.

Exit mobile version