මහාචාර්ය හූල් යාපනේ ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක

දිනසේන රතුගමගේ:

කොවිඩ් -19 වසංගතය හමුවේ මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු  සිදු කෙරෙන ආකාරය පිළිබදව පෙරහුරුවක් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ අධීක්ෂණය යටතේ 23 දා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

මේ අවස්ථාවට යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්ක වල සහකාර මැතිවරණ කොමසාරිස්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු සහභාගී වූ අතර දිස්ත්‍රික්ක දෙකේම සෞඛ්‍ය බලධාරීන්ද එක්ව සිටියහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහ මැතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබදව පෙරහුරුවක් පසුගිය සතියේදී යාපනය නාවන්තුරේ කතෝලික විද්‍යාලයේදී පැවැත්වුණි.

Exit mobile version