පසුගිය 26 වැනිදා මහව දියබැටේ කැළෑබද ප්‍රදේශයක දී සුඛෝපභොගී රථයක් තුළ තිබී හමුවූ ව්‍යාපාරිකයාගේ මළ සිරුර පිළිබඳ විමර්ශනය කරන පොලිසිය අද ප්‍රකාශ කළේ එම ව්‍යාපාරිකයාගේ මුදල් සහ සන්තකව තිබූ දේපළ කොල්ල කා ඝාතනය කර ඇති බවය.
මේ මළ සිරුර හමුවීමත් සමග වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන ආරම්භ කර තිබිණි.
දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී ඔහුව පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ ලක්ෂ 48කට වඩා වටිනා රන් ආභරණ සහ රුපියල් ලක්ෂ 14ක මුදල් ප්‍රමාණයක් පැහැරගෙන ගොස් ඔහුව ඝාතනය කර ඇති බවය.
මෙම මුදල් සහ රන් ආභරණ සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 19 සහ 27 වයස්වල තරුණයින් දෙදෙනෙක් මාවතගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මහව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







