මහවැලි ලොක්කන්ට විරුද්ධව බෝ ගස්වැව මිනිස්සු වීදි බසිති…

දිනසේන රතුගමගේ –

මහවැලිය යටතේ ඉඩම් බෙදා දීමේ දී තමන්ට විශාල අසාධාරණයක් සිදුවන්නේ නිලධාරීන්ගේ වරදින් බව කියමින් වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේ වැසියෝ ඊයේ (31) උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුන් කියා සිටියේ නිලධාරීන් වගකීමකින් තොරව කටයුතු කිරීම නිසා ඔවුන්ට මහවැලියෙන් අලුතින් ඉඩම් ලැබීම කෙසේ වෙතත් දැනට ඇති ඉඩම් පවා අහිමි වන බවයි.

බෝගස්වැව සියලුම කලාප වලට අයත් වැසියෝ මේ උද්ඝෝෂණයට සහභාගී වූ අතර  මේ ස්ථානයට පැමිණි මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කලමනාකර ආර්.එම්.කේ.බී.රන්දෙණිය   බෝගස්වැව ගම්වාසීන් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුව ගොවීන් උද්ඝෝෂණය හමාර කරණ ලදී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහවැලි අධිකාරියේ බලධාරීන් බෝගස්වැව උද්ඝෝෂකන් සමග සාකච්ඡාවක

 

Exit mobile version