මහර බන්ධනාගාර සිද්ධිය ගැන හොයන්න අධිකරණ ඇමතිගෙන් කමිටුවක්

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි විසින් මහර බන්ධනාගාරය තුළ ඊයේ ඇතිවූ සිද්ධිය විමර්ශනය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට මෙම පංච පුද්ගල කමිටුව පත්කර ඇත.

එම වාර්තාව සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ද මාසයක් තුල කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාත්මක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පූර්ණ සවිස්තර වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස එම කමිටුවට නියෝග කර තිබේ.


එහි සභාපතිත්වය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන විසින් දරනු ලබයි.

සෙසු සාමාජිකයන් වන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ කපු ගස්වත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,  හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතා ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාළ සිද්ධියට පාදක වූ කරුණු, ඒ සදහා වගකිව යුතු පාර්ශවයන් හා ගතයුතු ක්‍රියාමාර්ග සහ මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් විය යුතු බවට අමාත්‍යවරයා අදාල කමිටුවට පෙන්වා දී ඇත.

 

Exit mobile version