මහර බන්ධනාගාරයේ ගින්නක් හටගෙන ඇති බව ප්රදේශවාසීහු පවසති. රැඳවියන් බන්ධනාගාරයේ මුළුතැන්ගෙයට ගිනි තබා ඇති බව වාර්තා වේ.
අද (29) සවස් වරුවේ බන්ධනාගාරයෙන් නොසන්සුන්තාවයක් වාර්තා වූ අතර රැඳවියන් පිරිසක් පැන යාමට තැත් කළ බව පොලිසිය පවසයි.
තත්වය පාලනය කිරීමේදී සිදුවූ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට සහාය වීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් සහ එක් එස්.ටී.එෆ් කණ්ඩායමක් බන්ධනාගාරයට යවා තිබේ.
එස්ටීඑෆ් නිලධාරීන්ගේ කණ්ඩායම බන්ධනාගාර වටා ආරක්ෂාව තර කර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග බන්ධනාගාරවලින් පැන යාමේ උත්සාහයන් කිහිපයක් මෑතකදී වාර්තා විය.