මහරජ… ඔබ මේ පොළොවේ භාරකාරයා මිස හිමිකරු නොවන බව අවබෝධ කර ගන්න…

මේ මිහිඳු දේශනය බෙහෙවින් වලංගුවන්නේ වත්මන් සමාජයට... අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති

Ananda-Thero

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහරජ ඔබ මේ පොළොවේ භාරකාරයා මිස හිමිකරු නොවන බව අවබෝධ කර ගන්නැයි මිහිදු හිමියන් දෙවනපෑතිස් රජුන් හමුවේ දේශනා කල අවවාද අනුශාසනා බෙහෙවින් වලංගුවන්නේ වත්මන් සමාජයට යැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

සත්ත්වයින්ට පවා ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කර දීම උතුම් දහම් කරුණක් බවට මිහිදු හිමි දෙසු ධර්මය අවබෝධයෙන් හා සැහැල්ලු සිතින් ධාරණය කර ගැනීමට මෙවර පොසොන් පුර පසලොස්වක පොහොය දිනයේ ජනතාවට හැකිවන බවද උන්වහන්සේ අවධාරණය කලහ.

තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව රදවා ගැනීම මත සෙසු සියල්ලන්ගේම සෞඛය ආරක්ෂා වන බවත්, රජයකට හැකියාව ඇත්තේ සෞඛ්‍යාරක්ෂාව සදහා අවශ්‍ය වන උපදෙස් මගපෙන්වීම් සහ පහසුකම් සැලසීම පමණක් බවත් කී ලේඛකාධිකාරි හිමියෝ රටක් ලෙස යළිත් නැගි සිටිමට නම් සමස්ථ ජනතාවම වෛරස් රෝග පැතිරවීමෙහි පාර්ශවකරුවන් නොවි සිටිමට වගබලා ගැනිම බෙහෙවින් වැදගත් බව අවබෝධ කර ගත යුතු යැයි අවධාරණය කලහ.

සෙසු වසරවල මෙන් දන්සැල් , තොරණ් ඇතුළු උත්සවාදිය නොපැවැත්වීම ඔස්සේ තමතමන්ට නිදහස් සිතින් අධිෂ්ඨාන පූජා පවත්වා තමන්ටත් සෙසු සෑම දෙනාටමත් නීරෝගී සුවය ශාන්තිය උදාවි වසංගත රෝග බිය දුරු වේවා යැයි මෙත් වඩමින් පොසොන් දිනය ගත කරන ලෙස සමස්ථ ජනතාවට දන්වා සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කොට සිටියහ.

Exit mobile version