මහබාගේ දී ඇල්ලූ කුඩුවලින් කිලෝ 50ක් නාකොටික් අය උස්සලා  

 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ නිලධාරීන්  විසින් මීට සති කිහිපයකට පෙර මහබාගේදී හාල්ගෝනි තුළ සගවා ප්‍රවාහනය කරමින් තිබියදී  අල්ලාගත් හෙරොයින් වලින්ද කිලෝ 50 කට වැඩි ප්‍රමාණයක් මුල් අවස්ථාවේදීම පන්නා අලෙවිකර ඇති බවටද විමර්ශනවලින් තොරතුරු අනාවරණය වී තිබේ.

 

එම මත්කුඩු තොගය අන්තර් ජාතික මුහුදු තීරයේදී පකිස්තානුවන් පිරිසක් පැමිණි ඉරාන් නෞකාවකින් ලබාගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග දකුණු මුහුදු තීරයෙන් ගිය ට්‍රෝලර් යාත්‍රාවක සිටි පිරිසකි. එහිදී කිලෝ එකකට වැඩි බරක් ඇති මත්කුඩු පැකට් 243 ක් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් විසින් ලබාදී ඇති බවටද තොරතුරු හෙළිවී ඇත. එම මත්කුඩු තොගය ගොඩබා ඇත්තේ බලපිටිය ප්‍රදේශයෙන් බවත් ගොඩබෑමෙන් පසු එම පැකට්වලින් පැකට් 43 ක් ඉවත්කර ඇති බවත් හෙළිවී තිබේ. අත්අඩංගුවේ සිටිනව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එම හෙරොයින් පැකට් තොගය ඔවුන්ගේ වාහන වලින් කොළඹට ප්‍රවාහනය කර  ජාවාරම්කරුවෙකුට ලබාදී මුදල් ගෙන ඇතැයිද අනාවරණය වී තිබේ. සෙසු හෙරොයින් පැකට් 200 ද මාසයකට ආසන්න කාලයක් තිස්සේ තැන තැන සගවා තබමින් අවසානයේදී හාල් ගෝනි තුළ දමා එම මත්කුඩු තොගය මහාබාගෙට රැගෙන විත් වැටලීමක් කර ඇත්තේ අනතුරුව බවද අපරාධ රපීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එම පැකට් 200 තුළ හෙරොයින් කිලෝ 226 ක් පමණ තිබී ඇත.

 

එදා එම හොරොයින් සමග පකිස්තානයේ සිට ගිනි අවි 05 ක් ද පැමිණ ඇති අතර එම අවි 05 නිලධාරීන් විසින් බෙදාගෙන ඇති බවට තොරතුරුද ලැබී තිබේ. එම අවිවලින් එක් අවියක්ද මේ වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.


 

මෙම මත්කුඩු ජාවාරම වසරක පමණ කාලයක් තිස්සේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් කරගෙන යන බවට තොරතුරුද මේ වන විට ලැබී ඇත. මාතර සිට කොළඹට මෑතකදී මත්කුඩු කිලෝ 100 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කර දී රුපියල් ලක්ෂ 130 ක මුදලක් ලබාගෙන ඇතැයිද අනාවරණය වී ඇත.

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හොරෙන් ගන්නා  මත්ද්‍රව්‍ය අලෙවිකර ඇත්තේ කොළඹට නුදුරු ප්‍රෙද්ශයක සිටින ජාවාරම්කරුවෙකුට බවට තොරතුරුද අනාවරණ්‍ය වී ඇත. මේ වන විට ඔහු පළාගොස් සැගව සිටින අතර මත්කුඩු කිලෝ 100 කට අදාළ  මුදල් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙම ජාවාරම්කාර නිලධාරීන්ට ඔහුගෙන් ලැබීමට තිබෙන බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

Exit mobile version