මහනුවර සඳගල සොරකමේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට!

තව අත්අඩංගුවට ගන්න ඉතිරි වී ඉන්නේ ඇමති පුතෙක් සහ ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් විතරයි...

sandagala

සොරකම් කළ දැවැන්ත පුරා ස්මාරකය... සොරකම් කිරීමට පෙර

මහනුවර කුන්ඩසාලේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගා පරිශ්‍රය පිහිටියේ යයි සැලකෙන එතිහාසික පුරා විද්‍යා ස්ථානයකින් සඳගල නැමති පුරා වස්තු සොරකම සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුද්ගලයා මැදමහනුවර පුදේශයේ පදිංචි 40 හැවිරිදි ඉන්දික උදයංග ගුණවර්ධන නැමැත්තකු බව පැවසෙන අතර ඔහු රියදුරකු ලෙස කටයුතු කරන පුද්ගලයකු බව සඳහන් වේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සිදුවූ මෙම මහා පුරා වස්තු සොරකම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කණ්ඩායම් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර හදුනාගත් සැකකරුවන් නව දෙනකු අතරින් සත් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුරාවස්තු සොරකම් සම්බන්ධයෙන් තවත් අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයන් දෙදෙනා ප්‍රබල අමාත්‍යවරයකුගේ පුත්‍රයා සහ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන අතර ඔවුන් තවමත් අත්අඩංගුවට ගෙන නැති අතර අදාළ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාට මේ වනවිට විදේශගතවීමේ තහනමක්ද අධිකරණයෙන් ලබාගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version