මහනුවර වෛද්‍ය සංගමයේ වජ්‍ර ජයන්තියක් සැමරුම ජාතික ඵලදායී ශාස්ත්‍රීය ප්‍රවේශයකින් අද ඇරඹෙයි!

ඉදුනිල් කහටපිටිය –

මහනුවර වෛද්‍ය සංගමයේ වජ්‍ර ජයන්තියක් සැමරීමේ උත්සවය එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රිචර්ඩ් ලැන්ග්ෆෝර්ඩ් (RICHARD LANGFORD)ගේ ප්‍රධානත්වයෙන් සහ විශේෂ ආරාධිත ඉන්දීය  සහකාර කොමසාරිස් වෛද්‍ය අතිරා.එස් ගේ සහභාගිත්වයෙන් අද (පෙබරවාරි හත්වැනි දින ) පස්වරු වේ ග්‍රෑන්ඩ්  කැන්ඩියන් හෝටලයේ දී පැවැත්වේ.

සංගමයට වසර හැටක් පිරීම නිමිත්තෙන්, මහනුවර මාතලේ නුවරඑළිය ඇතුළු මධ්‍යම පළාතේ සියලුම රෝහල්වල  වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන්    අද (07) හෙට (08) සහ අනිද්දා (09) යන තෙදින තුළ සැසිවාර තුනක් පැවැත්වෙන අතර එහිදී විශේෂ දේශන සම්මන්ත්‍රණ විවෘත සාකච්ඡා පර්යේෂණ පත්‍ර ඉදිරිපත් කිරීම් විවාද සහ ප්‍රශ්නෝත්තර සැසි  ආදියෙන් සමන්විත වේ.

අධ්‍යාපනය ප්‍රමුඛ කර ගත් ප්‍රමුඛතම    සංවිධානය වන මහනුවර වෛද්‍ය සංගමය මගින් වෘත්තීමය හා වෛද්‍ය අධ්‍යයන ය කටයුතු වල නියැළුණු වෛද්‍ය ශිෂ්‍යයින් දැනුම සහ ආකල්ප සංවර්ධනය උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

නවීන දැනුම කාලීනව ප්‍රායෝගිකව යොදා ගැනීම සඳහා වෛද්‍යවරුන් දැනුවත් කිරීම වජ්‍ර ජයන්තියේ අරමුණ බව එම සංගමයේ වත්මන් සභාපති නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර  පවසයි.


වසර හැටක  සේවා කාලය අගයමින් මෙවර සංගමය විසින් ඉකුත් ජනවාරි 29 වැනිදා සිට  අද වන තෙක් විවිධ සම්මේලන  රෝහල් මට්ටමින් පවත්වමින් වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ දැනුම ආකල්ප කාලීනව නව්‍යයකරණයට බඳුන් කිරීමත් සංවර්ධනය කිරීමත් සිදුකළ බව හෙතෙම කියා සිටියේය. ඒ අනුව ඉකුත් ජනවාරි 29 වැනි දින නුවරඑළිය තෙල්දෙණිය ඇතුළු  විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනෙකුගේ සහභාගිත්වය ඇතුව නිර්වින්දන , දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක යන්හි සේවයේ නියුතු වෛයවරුන් අසූ දෙනෙකු වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහ‍ලේ ශ්‍රවණාගාරයේදී සම්මේලනයක් පැවැත්විය.

පෙබරවාරි පළමුවැනි දින කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට රෝගී ප්‍රතිකාර වලදී අත්‍යවශ්‍යවන පුහුණුවක්  ලබා දෙමින් කාලීන ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්වූ අතර ඒ සඳහා බදුල්ල අම්පාර සහ රත්නපුර විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වය ලැබිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය ඇතිව පෙබරවාරි දෙවැනි දින වෛද්‍යවරුන් අසූවක් වෙනුවෙන් දරුවන් සඳහා ප්‍රතිකාරවලදී අවධානය යොමු කළ යුතු සහ ප්‍රමුඛතාවය ලබාදිය යුතු කරුණු පිළිබඳව දැනුම යාවත්කාලීන කිරීමේ සම්මේලනයක් පේරාදෙණිය ශික්ෂණ  රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියලු ම වැඩසටහන් ඔස්සේ බලාපොරොත්තු වන්නේ මධ්‍යම පළාතේ සියලුම රෝහල්වල  උසස් තත්වයකින් යුත් රෝගී සත්කාර හා ප්‍රතිකාර ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන පසුබිම සකස් කිරීම බව සංගමයෙහි සභාපති විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර මහතා පැවසීය

Exit mobile version