මහනුවර වෙළෙඳ ප්‍රජාව සියලු කඩ සාප්පු වසා දමා සේවකයන් සමග පාරට බැසීමේ සූදානමක්!

මහනුවර සියලුම ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන  වෙළෙඳ සංගම් සියල්ල  ඒකාබද්ධව සියලු වෙළෙඳසල් වසා දමා    සතියේ දිනක දහවල් සේවයකින් සමග    පාරට බසින්නට  තීරණය කර  ඇතැයි මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යසස් චන්ද්‍රසේකර පවසයි.

මේ විරෝධතාවය දැක්වීම සඳහා නිශ්චිත දිනය අද සවස හතරට  රැස්වන සියලුම වෙළෙඳ සංගම් ප්‍රධානීන් තීරණය කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියයි.

මෙම විරෝධතාවය සඳහා මහනුවර මුස්ලිම් වෙලෙඳ සංගමය, මහනුවර හින්දු හින්දු වෙළෙඳ සංගමය, මහනුවර ටොරින්ටන් වෙළෙඳ සංගමය, මධ්‍යම වෙළෙඳ සංගමය, සිංහළ වෙළෙඳ පෙරමුණ, කටුගස්තොට වෙළෙඳ සංගමය, මැණික්කුඹුර ආර්ථික වෙළෙඳ සංගමය, පේරාදෙණිය වෙළෙඳ සංගමය යන සංවිධාන අට  අත්වැල් බැඳගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී  ආර්ථික ස්ථාවරභාය අහිමි කරගත් රජයට  මෙතෙක් රටේ ආර්ථිකය සමාලෝචනය කරමින්    රජයට ආර්ථික ස්ථාවරභාවය ඇති කරගත හැකි ප්‍රායෝගික වැඩපිළවෙළක් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත් සූදානම් බව උපසභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Exit mobile version