මහනුවර ලැගුම්හලේ අබිරහස් ලෙස මිය ගිය පුද්ගලයාට කොවිඩ්

මිය ගිය පුද්ගලයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා සහ පිරිමි පුද්ගලයා අත් අඩංගුවට

මහනුවර හන්තාන ප්‍රදේශයේ ලැඟුම්හලක අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වීමත් සමග එම මරණය පිළිබඳ විමර්ශනය කළ මහනුවර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්  හා ලැගුම්හල් සේවකයින් ස්වයං නිරෝධායනයට  ලක් කර තිබේ. 

මිය ගිය  පුද්ගලයා තවත් අයෙකු සමඟ කාන්තාවන් දෙදෙනෙකු ද කැටුව පසුගිය 31 දින ලැඟුම් හළට පැමිණ කාමර දෙකක් වෙන්කරවා ගෙන ඇත.

පැමිණි පිරිස පසුගිය 02 දින  පිටව ගිය බව එහි කළමනාකරු දැනුම් දීම නිසා ලැඟුම් හළේ සේවකයෙකු එම කාමර පිරිසිදු කිරීමට ගොස් තිබේ. එම අවස්ථාවේ එක් පුද්ගලයෙකු නාන කාමරය තුළ මියගොස් සිටිනු දැක ඒ පිිළිබඳව ඔහු කළමණාකාරීත්වය දැනුම්වත් කර ඇත. 


මියගිය අයගේ  පී.සී.ආර් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු ඔහුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව හෙළිවී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලැඟුම්හලට පැමිණි පිරිස හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කර ගැනීමෙන් පසු කාන්තාවන් දෙදෙනා සමඟ අනෙක් පුද්ගලයා මහනුවර පොලීසියේ අපරාධ අංහය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Exit mobile version