මහනුවර පස් මහල් ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට…

මහනුවර ධර්මාශෝක මාවගේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක විදුලි සෝපානයක් කඩා වැටී මීට සුලු මෙහොතකට පෙර පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියේය.

මෙම අනතුරින් උඩුවාවල පදිංචි 56 හැවිරිදි තෙදරු පියෙක් වූ උපාලි ජයතරන් නැමැති අය එතැනම මිය ගොස් තිබුණු අතර අනෙක් පුද්ගලයා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධර්මාශෝක මාවතේ වාසනා ගොඩනැගිල්ල ලෙස ප්‍රකට මෙම ගොඩැනැගිල්ලේ සෝපානය පිහිටා තිබී ඇත්තේ ගොඩනැගිල්ලේ පිටිතිනි.  එම සෝපානය භාවික කර ඇත්තේ ගොඩනැගිල්ලෙ ඉහළ මාල සඳහා බඩු රැගෙන යෑම සඳහා බවත් අද උදෑසන ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රමාණයක් පටවාගෙන මෙම පුද්ගලයන් දෙදෙනා සමග ඉහළට ගිය සෝපානය කැඩි වැටිම නිසා මෙම අනතුරු සිදු වූ බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.


 

Exit mobile version