මහනුවර දෙවැනි කුඹල් පෙරහර අතර දරුවෙක් අතුරුදහන්!

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර දින රාත්‍රියේ තම මව සමග පෙරහැර නැරඹීමට පැමිණි වයස අවුරුදු 9ක පිරිමි දරුවෙක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මයිලපිටියේ පදිංචිව සිටි අමිල අභිමන් නැමැති දරුවෙකි.

මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසල බුලත් තට්ටුවක් දමා සිටින මිත්තණිය අසල සිටියදී මෙම දරුවා අතුරුදහන් ව තිබේ.


තම පුතු ඊයෙ (03) අගෝස්තු තුන් වෙනිදා රාත්‍රියේ අතුරුදන්ව ඇති බව දන්වමින් මව වන අනෝමා දිල්රුක්ෂි නැමැත්තිය මහනුවර පොලිසියේ පැමිණිල්ලක් සිදුකොට තිබේ.

අතුරුදහන් වූ දරුවාගේ මව අනෝමා දිල්රුක්ෂි මහනුවර මහ නගර සභාවේ කම්කරු සේවිකාවක ලෙස සේවය කරන අතර ඊයේ පෙරවරුවේ ඇය රාජකාරියට පැමිණෙන අවස්ථාවේ සිය පුතු ද කැටුව මහනුවරට පැමිණ තිබේ.

දෙවෙනි කුඹල් පෙරහර නැරඹීමට පුතුට අවශ්‍ය බව පැවසූ බැවින් පුතු මහනුවර නගරයට කැටුව ආ බවත් ඇයගේ රාජකාරිය නිම වන තෙක් දහවල් වරුවේ මිත්තනිය අසල පුතු රඳවා තැබූ බවත් මව පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාත්‍රියේ පෙරහර නැරඹීමෙන් අනතුරුව ද නැවත මිත්තනිය අසල පුතු රඳවා සේවය අවසන් කිරීමේ අත්සන තැබීම සඳහා මහනුවර මහ නගර සභාවට ගොස් පැමිණෙන විට පුතු අතුරුදන්ව ඇති බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

Exit mobile version