මහනුවර දුනුමඩලාව රක්ෂිතයේ මහ රෑට ගස් පෙරළෙයි

මහනුවර හන්තාන කදුවැටිය බටහිර මායිමේ පිහිටා ඇති දුනුමඩලාව රක්ෂිතයේ රාත්‍රි කාලයට ගස් වැටෙන ශබ්ද ඇසෙන බවට හන්තාන වැසියෝ පවසති.

කිසිදු හේතුවක් මත දුනුමඩලාව රක්ෂිතය තුළට ඇතුළු වීමට නගර සභාවෙන් අවසර නැති මුත් ඇතැම් දිනවල රාත්‍රියේ රක්ෂිතයේ ගිනි මැල දැල්වෙනු ඈතට දිස්වන බවත්, පිරිසක් එහි සිටින බවට කටඩහඩවල් ඇසෙන බවත් ඔවුහු කියා සිටිති.

හන්තාන සුරැකිමේ සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂා කර බැලීමට පියවර ගනිමින් සිටියද ඔවුනට වුවද රක්ෂිතයට ඇතූළු විමට ආරක්ෂක අංශ අවසර දි නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් සතිය තුළ දින ගනනාවක්ම රාත්‍රි නවයට පසුව රක්ෂිතයේ ගස් බිම ඇද වැටෙන ශබ්ද ඇසෙන බවත් ඇතැම් දිනවල අලුයම් කාලයේ එපරිද්දෙන්ම ගස් ඇදවැටෙන ශබ්ද ඇසුණු බවත් හන්තාන වැසියෝ පවසති

Exit mobile version