මහනුවර ජාතික රෝහල අපායක් වෙයි! දින 05ක් තිස්සේ ජල සැපයුම අඩාලයි!

නේවාසික රෝගීන් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන, දිවා රාත්‍රි පුරා ශල්‍යකර්ම සිදකරන, දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යන මහනුවර ජාතික රෝහල තුළ දින පහක් තිස්සේ බරපතල ජල ප්‍රශ්නයක් මතු වී ඇති බවත් මේ වනවිට රෝහල අපායක් බවට පත්වෙමින් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

වැසිකිලි පද්ධතිය මුලුමනින්ම මෙන් අපිරිසිදු වී ඇති ආකාරය එම ආරංචි මාර්ග හෙළි කරයි.

රෝහලට ජලය සපයන නල මාර්ගයේ කිසියම් දෝෂ සහිත තත්ත්වයක් හේතුවෙන් ජලය ටැංකි වෙත පැමිණිමේ  ගැටලුවක් දින පහක් තිස්සේ ඇති වී තබෙන මෙම ජල අර්බුදයට හේතු වී තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය. .

දිනකට මහනුවර ජාතික රෝහලේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ජලය ලීටර ලක්ෂ එක හමාරකට අධික ප්‍රමාණයක් අවශ්‍ය වේ.  මේ වනවිට රෝහල්  පද්ධතිය තුළ ජලය ලීටර ලක්ෂ හතරක් රඳවා තබා ගත හැකි ටැංකි  ඇත.


ඉකුත් මාසය තෙක් මෙම ටැංකි උපරිම ජලධාරිතාවෙන් යුක්තව තිබුණු නමුත් ක්‍රමිකව ටැංකිවලට ජලය පිරීම අඩුවී ගිය බව ද, අද වනවිට ජල ටැංකි හතරේම ලීටර විසි දහසක්වත් ජලය නැති බව ද රෝහල් ආරංචි මාර්ග හෙළි කළේය.  මේ තත්ත්වය දැනුම්වත් කළ ද රෝහලේ ජල කළමනාකරණය භාර මහනුවර නගර සභාවෙන් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොමැති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

“මේ තත්ත්වය මත බාහිර රෝගී අංශය, දැඩි සත්කාර ඒකකය,    රුධිර කාන්දුකරණ ඒකකය, මානසික රෝග නිවාරණ ඒකකය, හෘද ඒකකය හා  ශල්‍යාගාර කටයුතු අඩාල වෙමින් තිබෙන්නේ.    බවුසර ගෙනත් තැන් තැන්වල වතුර බෙදනවා…”  රොහල් ප්‍රකාශකයෙක් කීවේය.

මේ පිළිබඳව කළ විමසීමක දී  මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්  ඉෂාන් විජේතිලක  පැවසුවේ ගතවූ පැය 24 තුළ ලීටර 87000ක් බව්සර මගින් මහනුවර ජාතික රෝහලට සැපයූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පවසන්නේ  මෙම ජල අර්බුදය ඇති වී තිබෙන්නේ    පවතින දැඩි උණුසුම්කාරී වාතාවරණය මත ජල පරිභෝජනය ඉහළ යෑමෙන්  බවය.

 

Exit mobile version