මහනුවර ජාතික රෝහලේ ඇන්ජියෝග්‍රෑම් මුළුමනින්ම නවතී – හෘද රෝගී ජීවිත අවදානමේ

මහනුවර ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ ඇති කැතිටර්කරණ අංශයට අත්‍යවශ්‍යව පවතින ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍ර දෙකම මේ වනවිට ක්‍රියා විරහිත ව ඇති බැවින් අසාධ්‍ය ව රෝහල්ගත වන හෘද රෝගීන්ට කළ යුතු හදිසි සැත්කම් පවා කල් දමන්නට සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කැතීටර්කරණ ඒකකයේදී බොහෝ විට  හෘද නාල අවහිර වීම සදහා සිදු කරන එම අවහිරතා ඉවත් කරන ස්ටෙන්ට් ඇතුළු කිරීමේ ප්‍රතිකාර ක්‍රමය හේතුවෙන් මේ වනවිට විශාල හෘද රෝගීන් ගණනකගේ ජීවිත බේරා  ගැනීමේ හැකියාව තිබුණද එහිදී අදාළ අවහිරතා සැණෙකින් හඳුනා ගැනීමට ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය අනිවාර්ය වේ.

එම ප්‍රතිකර්මය මෙන්ම සෙසු සංකීර්ණ හෘද සැත්කම් බොහෝමයකදීම ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය අනිවාර්ය වන වන අතර මහනුවර රෝහලේ එවැනි යන්ත්‍ර දෙකක් පසුගිය කාලයේ ක්‍රියාත්මකව පැවතිණි.

එයින් එක් යන්ත්‍රයක් දැනට කලක පටන් අක්‍රියව පවතින අතර එය අලුත්වැඩියා කිරීමට මේ වනවිටත් හැකියාවත් ලැබී නැති අතර තිබූ එකම ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයද මීට  දින කිහිපයකට ඉහත දී අක්‍රිය විණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් අසාධ්‍ය හෘද රෝගීන් ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබා දීමට යොමු කර ඇත. යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා  අද දින (16)  කටයුතු කරන බවට රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබුණද අද සවස වන විටත් එම අත්‍යවශ්‍ය යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට පියවර ගෙන නැති බව රෝහල් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

Exit mobile version