මහනුවර එන්නත්කරණ වැඩපිළිවෙළ නැවැත්තුවේ දේශපාලකයෙක්… නාගරික මන්ත්‍රීවරු කියති..

බිහිසුණුම කොවිඩ් අවදාමට මුහුණ දී ඇති  මහනුවර මහා නගර සිමාව තුළ වැසියන් ඉලක්ක කරගෙන  රජයෙන් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ  වැඩපිළිවෙළට අදාල සියලුම කටයුතු සංවිධානය කර තිබිය දී අවසාන මොහොතේ එය වෙනස් කරනු ලැබුවේ දේශපාලකයෙක් විසින් බව මහනුවර මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරු අද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ පැවසූහ.

අද මාධ්‍ය හමුවක් කැඳවූ මහා නගරසභා මන්ත්‍රීවරුන්වන විපුල ලාල් රණසිංහ, ලලන්ත සංජිව , වරුණ ලියනගේ , සමන් පෙරේරා , ලැනී දිගාමඩුල්ල , එම්  මස්තුරා,  ගැමුණු කිරින්දේ , මොහොමඩ් ෆාරිස් ,මා තලී මරික්කාර් , අනෝමා යන මන්ත්‍රීවරු සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය සාකච්චාව පැවැත්විනි.

මහනුවර මහා නගර සභා  සිමාවට ලබා දීමට නියමිත තිබුණු  එන්නත් 20,000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන බවත් එම ලැබෙන එන්නත් වලින් 13,14,15,16 යන දිනවල මහනුවර මහා නගර සභා සිමාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මහනුවර නගරාධිපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බවත් ඔවුහු කීහ.


ප්‍රධාන සෞඛ්‍යය  නිලධාරිවරයා දින වකවානු සහිතව සැලැස්මක් සකස් කර තිබූ අකාරයත්    ගම මට්ටමෙන් මන්ත්‍රීවරුන්ට දැනුම් දී සංවිධාන කටයුතු කර  මහනුවර නගර සභාව මගින් ප්‍රචාරක කටයුතු දියත් කළ ආකාරයත්, ඒ දැනුම් දීම්වලට අනුව මහ ජනතාව දහස් ගණන්න එන්නත් කරණ මධ්‍යස්ථානවලට පැමිණීමෙන් පසු වැඩසටහන එක්වරම අවලංගු කළ ආකාරයත් ඔවුහු හෙළි කළහ.

“මේ තත්වය නිසා මහනුවර අද    විශාල ආන්දෝලනයක් ඇති වුණා.   එන්නත්කරන මධ්‍යස්ථානවලට විශාල ජනතාවක් අද උදැසන සිට පැමිණියා. ජනතාව අපෙන් දිගින් දිගටම කරුණු විමසනවා ඇයි එන්නත්කරන වැඩපිළිවෙල නැවැත්තුවේ කියලා. අපි ඉතාම අසරණයි.“

“නමුත් අපි පැහැදිලිවම අහනවා මහනුවර නගර සිමාවේ ජනතාවට ලැබෙන්නට තිබුණු එන්නත් ප්‍රමාණය කොහොටද ගියේ ?. මේ පසුපස ඉන්න දේශපාලකයා කවුද?.  මේක දේශපාලන සූදුවක් කරගන්න කවුරුන් හෝ දනවා නම් ඒක ඉතාම ම්ලේච්ඡයි. ජනතාවගේ සෞඛ්‍යය එක්ක සෙල්ලම් කරන්න එපා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුහු මාධ්‍ය හමුවේ කීහ.

Exit mobile version