මහනුවර “අසාත්මිකතා ඇතිවූවන් සඳහාවන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන“ නවතී…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී ඉකුත් අඟහරුවාදා ආරම්භ කළ අසාත්මිකතා ඇතිවූවන් සඳහාවන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන නතර කර දමා තිබේ.

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ මහනුවර ජනතාවගේම ආසාත්මිකතා ඇති පිරිස් සඳහා උපරිම සේවයක් ලබා දී තිබිණි.

ඒ සඳහා වෙනම කාර්ය මණ්ඩලයක් පත්කර එන්නත්කරණය කරගෙන යනු ලැබුවද අද අලුයම මෙම වැඩසටහන ක්‍රියාත්මක නොවූයේ අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් බව වාර්තා වේ..

මෙම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ විශේෂිත සේවාවන් සඳහා විදේස්ගත වීමට නියමිත රැකියා ලාභීන්ටත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමත කළ වයස අවුරුදු 18 -30 අතර විශේෂිත කණ්ඩායම් සඳහාත් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එම වැඩසටහනම කඩාකප්පල් වී ඇති අතර අද දිනය තුළ පමණක් රෝගීන් 70කට ආසන්න සංඛ්‍යාවකයට එන්නත ලබා දීම පමණක් නොව, සෙසු ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතාවයක් ද ඇති වී තිබේ.




Exit mobile version