මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පැවැත්වූ “ෆේස් බුක් සාදයක්“ වටලයි…

කොවිඩ් නීති උල්ලංඝණය කරමින් මුහුණු පොත හරහා සංවිධාන කළ සාදයක් ඊයේ අලුයම (14) වැටලූ  මධ්‍යම පළාත්  සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්  මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගත් පුවතක් මහනුවර අනිවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

සාදය සංවිධානය කර තිබුණේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේ හෝටලයකය. අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේ තරුණ තරුණියන් 60 දෙනෙකු පමණ සාදයට එක්ව සිට ඇත. ඔවුන් මත්පැන්වලට අමතරව මත්පෙති පානය කරන්නට ඇති බවට සුරාබදු නිලධාරීන් සැකකරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් මෙම ෆේස් බුක් සාදය සංවිධානය කරනු ලැබ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් විසිනි. එක් අයෙකුගෙන් රුපියල් 2000.00 ක මුදලක් අයකර තිබෙන බවත් සාදය සංවිධානය කළ පුද්ගලයාට බලපත්‍ර නොමැතිව විදෙස් මත්පැන් අළෙවි කිරීමේ චෝදනාව යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවත් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ   කීය.


මධ්‍යම පළාත් හකාර සුරාබදු  කොමසාරිස්  උපුල් සෙනෙවිරත්න,මහනුවර සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොළ සුරාබදු ස්ථානාධිපති සිසිර හේරත් ප්‍රමුඛ නිලධාරීගේද මහනුවර සුරාබදු ස්ථානාධිපති ප්‍රියන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් ගේද සහයෙන් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ  ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිරිබත්ගොඩ,මීරිගම,ජාඇල,කොළඹ,මහනුවර,අකුරණ,වැල්ලම්පිටිය,කඩවත,බලන්ගොඩ යන ප්‍රදේශල පිරිසක් මෙම ෆේස්බුක් සාදයට පැමිණ සිටි බව මලවිපතිරණ මහතා කීය.

Exit mobile version