මහනුවර අංක 1 මාරක ගොඩනැගිල්ල ළමයි 4000කට ටියුෂන් දෙන තැනක්…

මහනුවර අවදානමට ලක්ව ඇති ගොඩනැගිලි 14 අතුරින් මාරක අවදානමට ලක්ව ඇති අංක එකේ ගොඩනැගිල්ල සිසු දරුවන් 4000ක් පමණ සහභාගී කරවා ගනිමින් පුද්ගලික පන්ති පවත්වාගෙන යන මහනුවර බහිරවකන්ද පාරේ  JWA  නැමැති අධ්‍යාපන ආයතනයේ   ගොඩනැගිල්ල බව සමීක්ෂණයකින්  හෙළි වී තිබේ.

ගොඩනැගිල්ල දෙදරා ගොස් කොන්ක්‍රීට් අස්තරණයට මුක්කු තබා ඇති බවත්, නිශ්චිත ක්‍රමවේදයක් තුළ සංරක්ෂණය නොකර මහල් දෙකක පන්ති පවත්වන බවත්, මේ සමීක්ෂණයේ දී  අනාවරණය වී ඇත.

තරුණ ජීවිත දහස් ගණනක් බරපතල අවදානමකට ලක් කර ඇති මේ වගකීම් රහිත ඉදිකිරීම සම්බන්ධව මූලික විමර්ශන සඳහා ලබන අඟහරුවාදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය  වෙත ගෙන්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.


කියවන්න…

මහනුවර තවත් මාරක ගොඩනැගිලි 14ක්… කමිටු වාර්තාව හෙළි කරයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර නගර සීමාවේ කිසිදු අවසරයක් නැති ඉදිකිරීම් තුන්දහසකට වැඩියි

Exit mobile version