මහත්වරුන් නැති රටේ ජෙමාට ගිය ක්‍රිකට්…  

neutral-ampayerක්‍රිකට් හැඳින්වෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. ඒත් අපේ රටේ නම් එය ටිකෙන් ටික මහත් හොරුන්ගේ ක්‍රීඩාවක් බවට පත් වීගෙන යන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මුළු පාර්ලිමේන්තුවම  වත්මන් ක්‍රිකට් පරිපාලනය ගෙදර යැවිය යුතු බව කීවත්   දේශපාලනයේ ඉහළම තැනින් ලැබෙන අනුග්‍රහය මත වූයේ එම සටනට මුල් වූ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට ගෙදර යාමටයි.

අනතුරුව පත් කෙරුණේ ක්‍රිකට් බලධාරීන්ට අවශ්‍ය පරිදි නැටවිය හැකි රූකඩයකි.

අද ක්‍රීඩකයන්ගේ විනය දිනෙන් දින කඩා වැටෙමින් සිදු වන්නේ නායකයන් තරග තහනමට පවා ලක්වෙමිනි.


රට නියෝජනය කරන කණ්ඩායම්වල නායකයන් ලෙස පත් කෙරෙන්නේද විනයක් නැති ක්‍රීඩකයන්‍ ය.

විනය හදන්න ඉන්නා කණ්ඩායම් කළමනාකරුවන්ද කරන්නේ තමන්ගේ රැකියාව බේරා ගැනීම සඳහා ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියාවන් අනුමත කරමින් කටයුතු කිරීමයි.

පාලකයන්ටද අවශ්‍ය වන්නේද තමන්ට අවශ්‍ය දේ කර ගත හැකි  එවැනි කළමනාකරුවන්වය.

ක්‍රීඩක විනය පිළිබඳ කැපී පෙනෙන සරලම කරුණක් පසු ගිය දින කිහිපයේ දක්නට ලැබිණ.

ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන විට ටී ෂර්ටය කලිසමට යට කර සිටීම නීතියක් නොවුණත් සම්මත සම්ප්‍රදායකි.

මෙසේ තරග අතර තුර ටී ෂර්ටය උඩින් දමා ගෙන සිටින වැඩිම ක්‍රීඩක පිරිසක් ඇත්තේ ලංකාවේය. පාසල් ක්‍රිකට් තරග ගත්තද එසේමය.

ඒ මදිවාට රට නියෝජනය කරමින් පිටත් වද්දී නිල ඇඳුමටද ගරු නොකරන ක්‍රීඩකයන් සිටින්නේත් ලංකාවේය.

පසුගියදා බංග්ලාදේශයට ගිය අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම දකුණු අප්‍රිකාවට ගිය ක්‍රීඩිකාවන් වැඩි හරියක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පිටත්ව ගියේත් ටී ෂර්ටය උඩින් දමා ගෙනය. සමහර පුහුණුකරුවෝත් එසේ ටී ෂර්ටය උඩින් දමාගෙන යනු දක්නට ලැබිණ. කණ්ඩායම් කළමනාකරුවන්ද අඳ ගොළු බිහිරන් සේ සිටිනු දක්නට ලැබීය

මෙම ඩෝන්ට් කෙයාර් තියරිය ආරම්භ වුණේ ලසිත් මාලිංගගෙනි. වරක් ලෝක කුසලාන තරගාවලියකට ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්වද්දී සියලුම ක්‍රීඩකයන් බ්ලේසර් පැළඳ සිටියදී මාලිංග පමණක් ටී ෂර්ටයක් පැළඳ සිටියේය.

විනය සම්න්ධයෙන් බලන විට මෙය සුළු සිද්ධියක් ලෙස ඇතැමුන් කල්පනා කළත් මෙවැන්නක් හරි හැටි  නොමැති ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ කවර කතාද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවැන්නක් හෝ  හැදිය නොහැකි කළමනාකරුවන්  හා පරිපාලකයන් ගැන කවර කතාද?

 

Exit mobile version