මහජන පැමිණිලි ගැන අහක බලන පොලිස් ලොක්කන්ට ආරක්ෂක ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

පොලිස් ස්ථාන සහ පොලිස් කොට්ඨාසවලට අයත් වන රාජකාරි සම්බන්ධයෙන් ලැබෙන මහජන පැමිණිලි විමර්ශණය කිරීමේ කාර්යක්ෂම වැඩපිළිවෙළක් එලඹෙන සති කිහිපයේදී ස්ථාපනයට කරන බවත් ඒඅනුව එකී පැමිණිලිවලට අදාළව ලිපි ගොනු පවත්වාගෙන ගොස් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණය කළ යුතු බවත් මෙම විමර්ශණවල ප්‍රගතිය සතිපතා හෝ මාසිතව ඇගයීමට ලක් කරන අතර යම් හෙයකින් යම් පොලිස් ස්ථානාධිපතිවරයකු හෝ කොට්ඨාස භාර ප්‍රධානියකුට අදාළ විමර්ශණ සාර්ථකව සිදු කළ නොහැකි වුවහොත් ඔවුන්ට එරෙහිව තදබල පියවර ගන්නා බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

පසුගියදා ගාල්ලේදී දකුණු පළාත් පොලිස් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන සේවාව ඇගයීමට ලක් කළ අතර පසුගිය මැතිවරණය ඉතාම සාමකාමී අන්දමින් සිදු කිරීමට පොලිසිය දැක්වූ සහය පිළිබඳව ප්‍රශංසා කළේය.


දකුණු පළාතේ මත් කුඩු ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් සහ සංවිධානාත්මක අපරාධ මුළුමනින්ම නැවැත්වීමට පොලිසිය සතු කාර්යභාරය පිළිබඳව පැහැදිලි කළ මේජර් ජනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේ දක්ෂින අධිවේගී මාර්ගය මත් දුව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධානතම මාර්ගයක් බවට හඳුනාගෙන ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවට තමන් ජීවත් වන පරිසරය ආරක්ෂිත බවට හැඟීමක් ලැබෙන්නේ පොලිසියේ ක්‍රියාකාරීත්වය නිසා බව සඳහන් කළ හෙතෙම මෙම වගකීම මැනවින් ඉටු කොට ජනතාව සහ රට ආරක්ෂා කිරීම පොලිසියේ වගකම බව අවධාරණය කළේය.

Exit mobile version