මහජන උපයෝගීතා කොමිසමේ සභාපති තමන්ගේ ව්‍යාපාරවලට විදුලිය ලාබෙට බෙදාගෙන- විදුලිබල ඇමති පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

හෝටල් සහ මහල් නිවාස පද්ධතියක හිමිකාරිත්වය දරන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම මහල් නිවාසවලට හා හෝටල් පද්ධතියට අඩු මිලට විදුලිය බෙදන අතරේ අනෙක් තැන් වෙත විදුලි ගාස්තු වැඩි කර ඇති ආකාරය ඉදිරියේ දි තමන් පෙන්වා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මන් කිරිඇල්ල විසින් විදුලි බිල වැඩිවීම සම්බන්ධව මතුවී ඇති ප්‍රශ්නය විපක්ෂයේ ප්‍රශ්නයක් නොව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සහ විදුලිබ ඇමතිවරයා අතර ඇති වී ඇති ආරවුලක් බව ප්‍රකාශ කිරීමෙන් පසුය.

“මේ ගොල්ල පත් කළේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා. ඔහු හැමදාම හතට ටී.වී එකට ඇවිත්  කියනවා විදුලි බිල වැඩි කිරිමක් අවශ්‍ය නෑ කියලා. මෙතුමා ඇවිත් වෙන කතාවක් කියනවා.  ප්‍රශ්නය තියෙන්නෙ මෙතන. මෙතුමා එකක් කියනවා. මහජන උපයොගීතා කොමිසමේ සභාපති තව එකක් කියනවා. ජනතාවට ප්‍රශ්නයක් තියනවා මේ ගැන.“

මේ සම්බන්ධව දීර්ඝ පිළිතුරක් ලබා දෙන අතර විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මෙසේ කීවේය.


“ මා ඉන්න ස්ථාවරය තමයි විදුලිය අඛණ්ඩව ලබා දිය යුතුයි කියන ස්ථාවරය. අඛණ්ඩව විදුලිය ලබා දිමට ගාස්තු සංශොධනයක් කළ යුතුයි. “

“සමහර තැන්වලදි මහජන උපයෝගීතා කොමිසම හැසිරී ඇති ආකාරය මා ඉදිරියේ දී අනාවරණය කරන්නම්.  එතුමාගේත් හෝටල් පද්ධතියක් තියන නිසා හෝටල්වලට අඩු කරලා එපාර්ට්මන්ට්වලට අඩු කරලා විදුලිය කොහොමද බෙදලා තියෙන්න කියලා එදාට මං කියන්නම්. අනෙක් තැන්වලට වැඩිකරලා තියෙන්නෙ කොහොමද කියලත් කියන්නම්. ඒකත් අපි පෙන්වන්නම්“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පැහැදිලි විනිවිද භාවයකින් අපි යෝජනා කරන්නේ විදුලි උත්පාදනය සඳහා ඒකකයකට  57.90යි නම් වැය වෙන්නෙ 57.90 සියලු දෙනාට පොදු වෙන්න ඕන. එහෙම නැතිනම් යම් ක්‍රමවේදයක් එන්න ඕන ඒ පිරිසට අවශ්‍ය පහසුකම් ටික දෙන්න.

Exit mobile version