මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ප්‍රසන්නගේ ගෙදරත් අලුගොඩක්!

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පල නිවස ගිනි තබා අලුගොඩක් බවට පත් කර තිබේ.

ප්‍රසන්න රණතුංගගේ පුද්ගලික ලේකම්වරයාගේ නිවසටත් විරෝධතාකරුවෝ ගිනි තබා ඇත. මේ වනවිටත් ප්‍රසන්න රණතුංග එළියට බැසගන්නට නොහැකිව අරලියගහ මන්දිරයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සමග සිරවී සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද ගෝටාගෝගම කුඩු කරන්නට ගිය මිනුවන්ගොඩ කණ්ඩායමේ සිටි  මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති නීල් ගුණසේකරගේ නිවසත්, රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ නිවසත් විනාශ කර තිබේ.


Exit mobile version