මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති වීරසේකර බදියුදීන් අත් අඩංගුවට ගැනීමට හේතුව කියයි….

රිෂාඩ් බදියුදීන් පාස්කු ඝාතකයෙක් සමඟ සබඳතා පවත්වා මුදල් උපයන්න ආධාර දීලා...

අප්ප්‍රේල් 24 දින අලුයම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන්  හා  රිජාජ් බදූර්දීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් 2019 අප්‍රේල් 21 දින පාස්කුප්‍රහාරය ට අදාළව කළ විමර්ශනයකින් පසුව බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ඒ අනුව රිෂාඩ් බදියුදීන් එම  ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතකයන්  සමඟ සම්බන්ධතාවයක් පවත්වමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ආධාර අනුබල දුන් බවට කරුණු  අනාවරණය වී ඇතැයි ඔහු පවසයි.

පාස්කු ප්‍රහාරයේ සිද්ධින් 8 සම්බන්ධ උධෘත ගොනු 8ක් දැනටමත් නීතිපති තුමා වෙත ඉදිරිපත් කර තිබුණද   පොලිසිය විසින් දිගින් දිගටම කරන විමර්ශන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස, සනාථ වූ පසු මෙසේ වරින් වර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලබන බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි..


රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන ආරක්ෂක අමාත්‍ය

Exit mobile version