මල සිරුරුවල රත්තරන් ගන්න මිනී වළවල් හෑරූ 02ක් අත්අඩංගුවට..

ජීවත් වීමට ක්‍රමයක් නොමැති නිසා මළ සිරුරු වල රත්තරන් ගනන් වළවල් හෑරුවා... සැක කරුවෝ කියති...

දිනසේන රතුගමගේ –

යාපනයේ වැල්වෙට්ටිතුරෙයි උරික්කාඩු ප්‍රදේශයේ සොහොන් බිමක සොහොන් කීපයක් හාරා මළ සිරුරුවල තිබූ රන් භාණ්ඩ සොයමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ජූනි මස 21 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස පේදුරුතුඩුව මහෙස්ත්‍රාත්වරයා 7 දා නියෝග කොට තිබේ.

වැල්වෙට්ටිතුරෙයි පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය අදාල සොහොන් බිම වෙත යන විට රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් දෙදෙනා මිනී වළවල් හාරා මළ සිරුරුවලට පළන්දවා තිබූ රන් ආබරණ සොයමින් සිටි බව වැල්වෙට්ටිතුරෙයි පොලීසියේ අපරාධ විමර්ශන අංශය සදහන් කළේය.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පොලීසියට පවසා ඇත්තේ ජීවත් වීමට ක්‍රමයක් නොමැති නිසා මළ සිරුරු වල රත්තරන් ගැනීම සදහා මිනී වළවල් හෑරූ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැල්වෙට්ටිතුරෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version