මල්ලාකම් කෝවිලේ පූජකවරයා ප්‍රහාරයකට ලක් වී රෝහලේ

දිනසේන රතුගමගේ –

යාපනයේ මල්ලාකම් අධිකරණය අසල පිහිටි පුන්නාලේකඩ්ඩුවාන් ශ්‍රී සිත්තිවිනයාගර් කෝවිලේ පූජකවරයාට  නාදුණන පිරිසක් විසින් 24 දා පහර දී තිබේ.

මේ පහර දීම නිසා එම කෝවිලේ  එස්.සුන්දරරාජ් ප්‍රධාන කුරුක්කල්වරයා තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

 මෙම කෝවිල ඉපැරණි කෝවිලක් වන අතර ඊට බැතිමත්හු විශාල පිරිසක් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුරුක්කල්වරයාට පහර දුන් පුද්ගලයින් මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැති අතර යාපනයේ  චුන්නාකම් පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version