මරා දැමූ ගෝන්නු මීමින්නන් සමග මස් වැද්දේ 04ක් කොටු වෙති!

ඊයේ (24   උදෑසන කීර්තිබණ්ඩාරපුර වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව  වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ අභය භූමියේ වැලිකඩ වාරිල්ලාගම ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරුවන් 4 දෙනෙකු සමග ගෝන මස් කිලෝ 308 ක්  සහ  මීමින්නකුගේ මස් කිලෝ 1.5 ක් අත්අඩංගුවට ගත් බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි.

ඵහිදී ත්‍රීවීලර් රථ දෙකක්, බෝර 12 ගිනි අවි තුනක් විදුලිපන්දමක්, සජීවී පතරොම් දෙකක්, පිහියක් සැකකරුවන් සමග  අත්අඩංගුට ගැනුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් සහ නඩු භාණ්ඩ වලපනේ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට  කටයුතු කර තිබිණි.

Exit mobile version